තම්බපණ්ණි අරුණැල්ල - දේශීය විදේශීය රැකියා හා වෘත්තීය පුහුණු මග - 2022

2022 නොවැම්බර් 26 පෙ.ව. 8.30 සිට ප.ව. 3.00 දක්වා නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල් පරිශ්‍රයේ  දී

 ඔබත් නාත්තන්ඩිය  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි..........

  •  පාසල් හැර ගිය වෘත්තීය අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වන
  •  උසස් පෙළ හා උසස් අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වන
  •  දේශීය හා විදේශීය රැකියා බලාපොරොත්තු වන
  •  කුඩා ව්‍යාපාර ආරම්භ කිරීමට බලාපොරොත්තු වන  හෝ
  • නිපුණතාවයෙන් පිරි සහතික නොළත් ශ්‍රමිකයෙකු ( උදාහරණ ලෙස විදුලි කාර්මිකයෙකු, ජලනළ කාර්මිකයෙකු, පෙදරේරුවෙකු, වඩුවැඩ ක්ෂේත්‍රයේ නියැලෙන්නෙකු, වෙල්ඩින් කරුවකු......) නම්

එදිනට සහභාගීවීමට, නොවැම්බර් 24 ට පෙර වසමේ ග්‍රාම නිලධාරි  / ආර්ථික සංවර්ධන නිලධාරි හෝ සමෘද්ධි සංවර්ධන  නිලධාරි හමුවී Google Forms හරහා හෝ පහත Link එක හරහා ලියාපදිංචි වන්න.......... 

https://forms.office.com/r/pnUb405jCX

☎ වැඩි විස්තර සදහා විමසන්න

සුජීවා මිය   - 077 754 4698

සම්පත් මයා- 077 207 9255

සහභාගී වන ආයතනය 

  •  රාජ්‍ය වෘත්තීය පුහුණු ආයතන
  •  රාජ්‍ය හා පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන
  •  විදේශ රැකියා නියෝජිත ආයතන
  •  දේශීය රැකියා ආයතන
  •  කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය
  •  සංවිධානය - පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය 
    •          -  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - නාත්තන්ඩිය

 

*"ඔබට ඉන්ධන ගන්න අවශ්‍ය නම් National Fuel Pass එක පහසුවෙන් හදාගන්නේ මෙහෙමයි..."*

1657962219 National fuel pass Sri Lanka L

  1. https://fuelpass.gov.lk/ Web එකට පිවිසෙන්න.
  2.  එහි ඉහලින් අවශ්‍ය භාෂාව තෝරන්න (English/සිංහල/දමිළ)
  3. Register බට්න් එක මත Touch කරන්න.
  4. දැන් ලැබෙන Form එකෙහි Personal Details Tab එකෙහි ඔබගේ තොරතුරු ලබා දිය යුතුය...
  5. ජාතික හැඳුනුම්පත් අංකය (NIC), පාස්පෝර්ට් අංකය (Passport Number) හෝ ව්‍යාපාර ලියාපදිංචි අංකය (BRN) නිවැරදිව ටයිප් කරන්න.
  6. Phone නම්බර් එක ද නිවැරදිව ටයිප්කර, Send OTP කොළපාට Button එක Touch කරන්න (Land Phone  නම්බර් දාන්න එපා, ඔයාගෙ භාවිතා කරන Mobile අංකය ටයිප් කරන්න)
  7.  Phone එකට 1919 අංකයෙන් Code එකක් SMS එකක් ලෙස ලැබෙනවා, එම ලැබුණු ඉලක්කම් හයේ OTP එක නිවැරදිව OTB Box එක තුළ නිවැරදිව ටයිප් කර  Verify Button එක මත Touch කරන්න. (එවිට Mobile අංකය Verify වී හරි සලකුන සටහන් වේවි.)
  8. ඔබගේ මුල් නම (First Name) හා අග නම (Last Name) නිවැරදිව Type කරන්න. (උදාහරණ ඒ තුළ දී ඇත)
  9. ඔබගේ ලිපිනය Type කරන්න.  (උදාහරණ ඒ තුළ දී ඇත) හරි... දැන් Next Button එක මත Touch කරන්න.
  10. දැන් සුලු වේලාවකින් Vehicle  Details Tab එකෙහි, වාහනයේ තොරතුරු ලබාදිය යුතු Form එක ලැබෙනවා...
  11. වාහනේ නම්බර් එක ටයිප් කරන්න. පලමුවන කොටුවේ ඉංග්‍රීසි අකුරු දෙක හරි තුන හරි කැපිටල් අකුරින් ටයිප් කරන්න, ඊළඟ කොටුවේ ඉලක්කම් හතර ටයිප් කරන්න. WP, SP, NC, SG පළාත් කේත අවශ්‍ය නැත. ඒවා යොදන්න එපා.
  12. List Box එකෙන් ඔබගේ වාහනයේ වර්ගය තෝරන්න (සදහන් වී ඇති වර්ග පමණයි තෝරාගැනීමට හැකි වන්නේ).
  13. වාහනයේ චැසි අංකය නිවැරදිව ටයිප් කරන්න. (ඉංගීසි කැපිටල් අකුරු හා ඉලක්කම් සහිතයි, Insurance Card එකේ, ආදායම් බලපත්‍රයෙහි, වහනයෙහි පොතෙහි සදහන්ව ඇත)
  14.  පෙට්‍රල් ද / ඩීසල් ද යන වග ටච් කර තෝරන්න.
  15. Terms and Conditions කොටුව (Check Box) මත ටච් කර එය සිලෙක්ට් කරන්න.
  16. Register Button එක මත ටච් කරන්න.
  17. ෆෝන් එකට 1919 අංකයෙන් SMS එකක් ලැබෙනවා රෙජිස්ටර් වුණ බව සඳහන්ව.
  18. දැන් ඔබ නොවැරදිව ලියාපදිංචි (Register) වූ අයෙක්
  19. Login යටතේ ඔබ ලබාදුන් Mobile අංකය සඳහන් කර. එයට ලැබෙන OTP කේතය ලබා දීමෙන් ඕනෑම විටක ඔබගේ National Fuel Pass ගිණුමට පිවිසෙන්න ඔබට පුළුවන්.
  20. ඔබට හිමි QR කෝඩ් එක,
    ඔබට ලැබීමට නියමිත ඉන්ධන ප්‍රමාණය,
    ඔබ දැනට ඉන්  ඉතිරිව ඇති ප්‍රමාණය ආදී තොරතුරු බලාගන්න පුලුවන්.
  21. Download QR Button එක කිලික් කරලා Phone එකට ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්.
  22. Send QR to My Mobile ක්ලික් කරලා අවශ්‍ය වෙලා
  23. වට බලාගන්න ඕනේ Link එක Phone එකට ගෙන්න ගන්නත් පුළුවන+++++++...........................................          *ඔබට වැදගත් විශේෂ කරුණු...*
  • ලංකාවේ බොහෝ දෙනෙක් ලොග් (Log)වෙන්න හදන නිසා පොඩි පොඩි ප්‍රශ්න ඇතිවෙයි ඒවා ටිකක් ඉවසීමෙන් සමනය කර ගමු. කිහිප වරක් විටින්විට උත්සාහ කරන්න වැඩේ ගොඩ දා ගන්න පුළුවන්.
  • වාහනයක අයිතියක් නැති කෙනෙක්ගේ NIC දාලා රෙජිස්ටර් කරන්න උත්සාහ කරන්න එපා. 
  • Retry හෝ වෙනත් Error මැසේජ් ලැබෙන්නත් පුළුවන් ඉවසීමෙන් කටයුතු කරමු, අඩුපාඩු තිබුනත් වැඩේ හොඳයි. සාර්ථක වුවහොත් කාටත් පහසුයි. සහයෝගය ලබා දෙමු
  • කරුණාකර අනිත් අයට උදව් කරන්න,  කියාදෙන්න, Smart phone නොමැති හිතවත්  අයට, ඔවුනගේ තොරතුරු ඇතුළත් කර ගිණුම් සාදා QR Code ලබා දෙන්න. 
  •  ඔබගේ QR Code එක වෙනත් අය වෙත යොමු කරන්නට එපා. 
  • Token ලබා ගන්න ආදී වෙනත් වෙබ් ලිපින සඳන් මැසේජ් ඔයාලා දැකලා ඇති සමහර අය තවම එම මැසේජ් Share කරනවා.  ඒ ව්‍යාජ වෙබ් අඩවි වෙත පිවිසෙන්න එපා. ඉහත සඳහන් "fuelpass.gov.lk" වෙබ් ලිපිනය ඔස්සේ පමණක් පිවිසෙන්න.

අසරණ පවුලක් සඳහා ඉඳිකෙරුනු නිවස නිවැසියන් සඳහා භාරදුන් සොඳුරු මොහොත

නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම්තුමාගේ අනුශාසකත්වයෙන්, බටහිර වීරහේන ගුාම නිලධාරිතුමන්ගේ මූලිකත්වය ඇතිව පුජා දායකත්වයෙන්,අසරණ පවුලක් සඳහා ඉඳිකෙරුනු නිවස නිවැසියන් සඳහා භාරදුන් සොඳුරු මොහොත......

FB IMG 1659339091704FB IMG 1659339094866FB IMG 1659339101726FB IMG 1659339104818

ගොස් පැළ 2000ක් සිටුවීමේ ව්‍යාප්තිය

නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ මූලිිිිිිකත්වය ඇතිව නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල කොස් පැළ දෙදහසක් සිටුවිමේ ව්‍යාප්තිය ආරම්භ කිරීම.....

FB IMG 1659339136664FB IMG 1659339145415FB IMG 16593391400721FB IMG 1659339125915

The 74th Independence Day celebrations

The 74th Independence Day celebrations were held at the premises of our Divisional Secretariat under the patronage of Mr. Chathuraka Jayasinghe, Divisional Secretary.

Simultaneously a tree planting program was implemented in the office premises and in all the Grama Niladhari Divisions.

WhatsApp Image 2022 02 15 at 3.15.53 PMWhatsApp Image 2022 02 15 at 3.09.59 PMWhatsApp Image 2022 02 15 at 3.09.58 PMWhatsApp Image 2022 02 15 at 3.09.59 PM 1

News & Events

10
අගෝ2026
“අත්තම” ජාතික වැඩසටහන

“අත්තම” ජාතික වැඩසටහන

“අත්තම” ජාතික වැඩසටහනට සමගාමීව, 2026.08.08 වන දින,...

10
අගෝ2026
🌿 පවිත්‍ර දේශයක් වෙනුවෙන් එක්වූ ජාතික පුරවැසි මෙහෙවරක්

🌿 පවිත්‍ර දේශයක් වෙනුවෙන් එක්වූ ජාතික පුරවැසි මෙහෙවරක්

  🌿 පවිත්‍ර දේශයක් වෙනුවෙන් එක්වූ ජාතික...

Scroll To Top