*"ඔබට ඉන්ධන ගන්න අවශ්‍ය නම් National Fuel Pass එක පහසුවෙන් හදාගන්නේ මෙහෙමයි..."*

- https://fuelpass.gov.lk/ Web එකට පිවිසෙන්න.
- එහි ඉහලින් අවශ්‍ය භාෂාව තෝරන්න (English/සිංහල/දමිළ)
- Register බට්න් එක මත Touch කරන්න.
- දැන් ලැබෙන Form එකෙහි Personal Details Tab එකෙහි ඔබගේ තොරතුරු ලබා දිය යුතුය...
- ජාතික හැඳුනුම්පත් අංකය (NIC), පාස්පෝර්ට් අංකය (Passport Number) හෝ ව්‍යාපාර ලියාපදිංචි අංකය (BRN) නිවැරදිව ටයිප් කරන්න.
- Phone නම්බර් එක ද නිවැරදිව ටයිප්කර, Send OTP කොළපාට Button එක Touch කරන්න (Land Phone නම්බර් දාන්න එපා, ඔයාගෙ භාවිතා කරන Mobile අංකය ටයිප් කරන්න)
- Phone එකට 1919 අංකයෙන් Code එකක් SMS එකක් ලෙස ලැබෙනවා, එම ලැබුණු ඉලක්කම් හයේ OTP එක නිවැරදිව OTB Box එක තුළ නිවැරදිව ටයිප් කර Verify Button එක මත Touch කරන්න. (එවිට Mobile අංකය Verify වී හරි සලකුන සටහන් වේවි.)
- ඔබගේ මුල් නම (First Name) හා අග නම (Last Name) නිවැරදිව Type කරන්න. (උදාහරණ ඒ තුළ දී ඇත)
- ඔබගේ ලිපිනය Type කරන්න. (උදාහරණ ඒ තුළ දී ඇත) හරි... දැන් Next Button එක මත Touch කරන්න.
- දැන් සුලු වේලාවකින් Vehicle Details Tab එකෙහි, වාහනයේ තොරතුරු ලබාදිය යුතු Form එක ලැබෙනවා...
- වාහනේ නම්බර් එක ටයිප් කරන්න. පලමුවන කොටුවේ ඉංග්‍රීසි අකුරු දෙක හරි තුන හරි කැපිටල් අකුරින් ටයිප් කරන්න, ඊළඟ කොටුවේ ඉලක්කම් හතර ටයිප් කරන්න. WP, SP, NC, SG පළාත් කේත අවශ්‍ය නැත. ඒවා යොදන්න එපා.
- List Box එකෙන් ඔබගේ වාහනයේ වර්ගය තෝරන්න (සදහන් වී ඇති වර්ග පමණයි තෝරාගැනීමට හැකි වන්නේ).
- වාහනයේ චැසි අංකය නිවැරදිව ටයිප් කරන්න. (ඉංගීසි කැපිටල් අකුරු හා ඉලක්කම් සහිතයි, Insurance Card එකේ, ආදායම් බලපත්රයෙහි, වහනයෙහි පොතෙහි සදහන්ව ඇත)
- පෙට්‍රල් ද / ඩීසල් ද යන වග ටච් කර තෝරන්න.
- Terms and Conditions කොටුව (Check Box) මත ටච් කර එය සිලෙක්ට් කරන්න.
- Register Button එක මත ටච් කරන්න.
- ෆෝන් එකට 1919 අංකයෙන් SMS එකක් ලැබෙනවා රෙජිස්ටර් වුණ බව සඳහන්ව.
- දැන් ඔබ නොවැරදිව ලියාපදිංචි (Register) වූ අයෙක්
- Login යටතේ ඔබ ලබාදුන් Mobile අංකය සඳහන් කර. එයට ලැබෙන OTP කේතය ලබා දීමෙන් ඕනෑම විටක ඔබගේ National Fuel Pass ගිණුමට පිවිසෙන්න ඔබට පුළුවන්.
- ඔබට හිමි QR කෝඩ් එක,
ඔබට ලැබීමට නියමිත ඉන්ධන ප්‍රමාණය,
ඔබ දැනට ඉන් ඉතිරිව ඇති ප්‍රමාණය ආදී තොරතුරු බලාගන්න පුලුවන්. - Download QR Button එක කිලික් කරලා Phone එකට ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්.
- Send QR to My Mobile ක්ලික් කරලා අවශ්‍ය වෙලා
- වට බලාගන්න ඕනේ Link එක Phone එකට ගෙන්න ගන්නත් පුළුවන+++++++........................................... *ඔබට වැදගත් විශේෂ කරුණු...*
- ලංකාවේ බොහෝ දෙනෙක් ලොග් (Log)වෙන්න හදන නිසා පොඩි පොඩි ප්‍රශ්න ඇතිවෙයි ඒවා ටිකක් ඉවසීමෙන් සමනය කර ගමු. කිහිප වරක් විටින්විට උත්සාහ කරන්න වැඩේ ගොඩ දා ගන්න පුළුවන්.
- වාහනයක අයිතියක් නැති කෙනෙක්ගේ NIC දාලා රෙජිස්ටර් කරන්න උත්සාහ කරන්න එපා.
- Retry හෝ වෙනත් Error මැසේජ් ලැබෙන්නත් පුළුවන් ඉවසීමෙන් කටයුතු කරමු, අඩුපාඩු තිබුනත් වැඩේ හොඳයි. සාර්ථක වුවහොත් කාටත් පහසුයි. සහයෝගය ලබා දෙමු
- කරුණාකර අනිත් අයට උදව් කරන්න, කියාදෙන්න, Smart phone නොමැති හිතවත් අයට, ඔවුනගේ තොරතුරු ඇතුළත් කර ගිණුම් සාදා QR Code ලබා දෙන්න.
- ඔබගේ QR Code එක වෙනත් අය වෙත යොමු කරන්නට එපා.
-
Token ලබා ගන්න ආදී වෙනත් වෙබ් ලිපින සඳන් මැසේජ් ඔයාලා දැකලා ඇති සමහර අය තවම එම මැසේජ් Share කරනවා. ඒ ව්‍යාජ වෙබ් අඩවි වෙත පිවිසෙන්න එපා. ඉහත සඳහන් "fuelpass.gov.lk" වෙබ් ලිපිනය ඔස්සේ පමණක් පිවිසෙන්න.














