“අත්තම” ජාතික වැඩසටහනට සමගාමීව, 2026.08.08 වන දින, නාත්තන්ඩිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්රාම නිලධාරි වසම් රැසක් ආවරණය කරමින් පිරිසිදු කිරීමේ සහ පරිසර සංරක්ෂණ වැඩසටහන් සාර්ථකව පවත්වන ලදී.
මෙම වැඩසටහන් සඳහා කොට්ඨාසයේ දේශපාලන අධිකාරිය, රාජ්ය ආයතන සහ රාජ්ය නිලධාරීන් මෙන්ම ස්වේච්ඡා සංවිධාන සහ ප්රදේශවාසී ජනතාවද මහත් උනන්දුවෙන් එක්වෙමින්, තම ශ්රමයෙන් හා කැපවීමෙන් දායකත්වය ලබා දෙන ලදී. 

මෙහිදී පිරිසිදු කිරීමේ හා පවිත්ර කිරීමේ වැඩසටහන් ක්රියාත්මක වූ ස්ථාන කිහිපයක් මෙසේය:
🌿 පවිත්ර දේශයක් වෙනුවෙන් එක්වූ ජාතික පුරවැසි මෙහෙවරක්
"අත්තම" ජාතික වැඩසටහනට සමගාමීව නාත්තන්ඩිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවත්වන ලද ප්රධාන ශ්රමදාන වැඩසටහන 2026.08.08 දින පහල තබ්බෝව සුසාන භූමි පරිශ්රයේදී සාර්ථකව සිදුකරන ලදී. ඒ සඳහා කොට්ඨාසයේ දේශපාලන අධිකාරිය, රාජ්ය ආයතන හා රාජ්ය නිලධාරීන් මෙන්ම ස්වෙච්ඡා සංවිධාන හා ප්රදේශවාසී ජනතාව තම ශ්රමයෙන් දායකත්වය ලබාදෙන ලදී. එමෙන්ම මෙම කොට්ඨාසයේ බොහාමයක් ග්රාම නිලධාරී වසම් තුලද අත්තම වැඩසටහන අද දින තුල සාර්ථකව සිදුකරන ලදී.
🤝 එක්වෙමු – පිරිසිදු කරමු – රැකගමු
🌱 පිරිසිදු පරිසරයක් | සුරක්ෂිත හෙටක් | පවිත්ර දේශයක් 🇱🇰
#පවිත්ර දේශයක් #ජාතිකපුරවැසිමෙහෙවර #ඇත්තම #පහලතබ්බෝව #පරිසරපිරිසිදුකිරීම #ජනතාසහභාගීත්වය #TogetherForSriLanka






















