“අත්තම” ජාතික වැඩසටහනට සමගාමීව, 2026.08.08 වන දින, නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් රැසක් ආවරණය කරමින් පිරිසිදු කිරීමේ සහ පරිසර සංරක්ෂණ වැඩසටහන් සාර්ථකව පවත්වන ලදී.
මෙම වැඩසටහන් සඳහා කොට්ඨාසයේ දේශපාලන අධිකාරිය, රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නිලධාරීන් මෙන්ම ස්වේච්ඡා සංවිධාන සහ ප්‍රදේශවාසී ජනතාවද මහත් උනන්දුවෙන් එක්වෙමින්, තම ශ්‍රමයෙන් හා කැපවීමෙන් දායකත්වය ලබා දෙන ලදී. 🤝🌿
මෙහිදී පිරිසිදු කිරීමේ හා පවිත්‍ර කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වූ ස්ථාන කිහිපයක් මෙසේය:
🔹 ඉ/නාත්තන්ඩිය ග්‍රාම නිලධාරි වසම – පරාක්‍ර‍ම මාවතේ පාරු ඇළ මාර්ග කොටස පිරිසිදු කිරීම.
🔹 නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම – වීරහේන ආදාහනාගාරයේ වැට හා අවට ප්‍රදේශය ශුද්ධ පවිත්‍ර කිරීම.
🔹 මැද තබ්බෝව ග්‍රාම නිලධාරි වසම – බක්මීගහවැව මාර්ගයේ දෙපස පිරිසිදු කිරීම.
🔹 පිලාකටුමුල්ල ග්‍රාම නිලධාරි වසම – පුස්සැල්ල කුඹුර ප්‍රජා ශාලා භූමිය ශුද්ධ පවිත්‍ර කිරීම.
🔹 මනිංගල ග්‍රාම නිලධාරි වසම – අශෝකපුර බහුකාර්ය ගොඩනැගිල්ල අවට ප්‍රදේශය පිරිසිදු කිරීම.
🔹 කොට්ටරාමුල්ල ග්‍රාම නිලධාරි වසම – මාර්ග දෙපස හා කාණු පද්ධතිය පිරිසිදු කිරීම.
🔹 දෙමටපිටිය ග්‍රාම නිලධාරි වසම – කොටගහ වත්ත හා කජු වත්ත මාර්ගය පිරිසිදු කිරීම.
🔹 පහළ නාත්තන්ඩිය ග්‍රාම නිලධාරි වසම – ජනහිතගම ප්‍රජා ශාලාව අවට ප්‍රදේශය පිරිසිදු කිරීම.
🔹 මැද පහළ කටුනේරිය ග්‍රාම නිලධාරි වසම – වෙරළ උද්‍යානය පවිත්‍ර කිරීම.
🔹 මැද මාවිල ග්‍රාම නිලධාරි වසම – සුහද උළු කම්හල අසල සිට මාවිල ගොඩවෙල මාර්ගයේ පාලම දක්වා මාර්ග දෙපස පිරිසිදු කිරීම.
🔹 නැගෙනහිර මුදුකටුව ග්‍රාම නිලධාරි වසම – ශාන්ත අන්තෝනි මාවත පිරිසිදු කිරීම.
🔹 උතුරු පහළ කටුනේරිය ග්‍රාම නිලධාරි වසම – සිරිමැදුර මාර්ගය පිරිසිදු කිරීම.
🔹 කච්චිරාව ග්‍රාම නිලධාරි වසම – ප්‍රජා ශාලා භූමිය එළි පෙහෙළි කිරීම.
🔹 උතුරු මුදුකටුව ග්‍රාම නිලධාරි වසම – පාතිමා විද්‍යාලයේ ක්‍රීඩා පිටිය පිරිසිදු කිරීම.
🔹 මොරකැලේ උතුර ග්‍රාම නිලධාරි වසම – “හයිරාත්” මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිට මාර්ගය පිරිසිදු කිරීම.
🔹 දකුණු මුදුකටුව ග්‍රාම නිලධාරි වසම – හරල්ඩ් හේරත් ප්‍රජා ශාලාව අවට සහ එම මාර්ගය පිරිසිදු කිරීම.
🌱 එක් පුද්ගලයෙකුගේ උත්සාහයකට වඩා, එකමුතු ප්‍රජාවක ශක්තියෙන් පවිත්‍ර, සෞඛ්‍ය සම්පන්න සහ සුන්දර පරිසරයක් ගොඩනැගිය හැකි බව මෙම ජාතික පුරවැසි මෙහෙවර මගින් යළිත් තහවුරු විය.
🙏 මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා දායක වූ සියලුම රාජ්්‍ය ආයතන, නිලධාරීන්, ස්වේච්ඡා සංවිධාන, ප්‍රදේශවාසී ජනතාව සහ සියලු දායක පාර්ශ්වයන්ට අපගේ හෘදයාංගම ස්තුතිය!
🤝 එක්වෙමු – ශ්‍රමයෙන් දායක වෙමු – වෙනසක් කරමු!🌿 පවිත්‍ර පරිසරයක් – සුන්දර ප්‍රදේශයක් – සෞභාග්‍යමත් රටක්! 🇱🇰
#ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නාත්තන්ඩිය
#පවිත්‍රදේශයක්

 

🌿 පවිත්‍ර දේශයක් වෙනුවෙන් එක්වූ ජාතික පුරවැසි මෙහෙවරක්

"අත්තම" ජාතික වැඩසටහනට සමගාමීව නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවත්වන ලද ප්‍රධාන ශ්‍රමදාන වැඩසටහන 2026.08.08 දින පහල තබ්බෝව සුසාන භූමි පරිශ්‍රයේදී සාර්ථකව සිදුකරන ලදී. ඒ සඳහා කොට්ඨාසයේ දේශපාලන අධිකාරිය, රාජ්‍ය ආයතන හා රාජ්‍ය නිලධාරීන් මෙන්ම ස්වෙච්ඡා සංවිධාන හා ප්‍රදේශවාසී ජනතාව තම ශ්‍රමයෙන් දායකත්වය ලබාදෙන ලදී. එමෙන්ම මෙම කොට්ඨාසයේ බොහාමයක් ග්‍රාම නිලධාරී වසම් තුලද අත්තම වැඩසටහන අද දින තුල සාර්ථකව සිදුකරන ලදී.

🤝 එක්වෙමු – පිරිසිදු කරමු – රැකගමු
🌱 පිරිසිදු පරිසරයක් | සුරක්ෂිත හෙටක් | පවිත්‍ර දේශයක් 🇱🇰
#පවිත්‍ර දේශයක් #ජාතිකපුරවැසිමෙහෙවර #ඇත්තම #පහලතබ්බෝව #පරිසරපිරිසිදුකිරීම #ජනතාසහභාගීත්වය #TogetherForSriLanka

765997937 2656007754817195 7105941666689770286 n

767130992 2656007924817178 3704383655257076998 n

News & Events

10
ஆக2026
“අත්තම” ජාතික වැඩසටහන

“අත්තම” ජාතික වැඩසටහන

“අත්තම” ජාතික වැඩසටහනට සමගාමීව, 2026.08.08 වන දින,...

10
ஆக2026
🌿 පවිත්‍ර දේශයක් වෙනුවෙන් එක්වූ ජාතික පුරවැසි මෙහෙවරක්

🌿 පවිත්‍ර දේශයක් වෙනුවෙන් එක්වූ ජාතික පුරවැසි මෙහෙවරක්

  🌿 පවිත්‍ර දේශයක් වෙනුවෙන් එක්වූ ජාතික...

குடியுரிமை சாசனம்

Scroll To Top