"Sugar Art"කලඑලි මංගල්‍යය
ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය යටතේ පුත්තලම් දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් 2023.08.11 ආරම්භ කරන ලද sugar Arts කේක් නිෂ්පාදන ත්‍රෛමාසික පුහුණු විශේෂ ව්‍යාපෘතිය ළමුන් 65ක සහභාගිත්වයෙන් ආරම්භ වූ අතර ළමුන් 58 ක අති සාර්ථක සහභාගිත්වයෙන් අවසන් විය.ඒ පුහුණුවට අරුත් එක්කරමින් අවසානයේ ප්‍රදර්ශනය සහ ත්‍යාග සහතික පත්‍ර ප්‍රධානෝත්සවය 2023.12.08 වන දින නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දි අති සාර්ථකව පවත්වන්නට යෙදිණි.
පුත්තලම් දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂිකා චමිලා සුදර්ෂි මහත්මිය,නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් ගීතානි ජාන්ස මහත්මිය ,වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් තුමිය,නාත්තන්ඩිය සැලසුම් අධ්‍යක්ෂක රත්නසිරි මහතා,මහවැව සැලසුම් අධ්‍යක්ෂක ප්‍රියන්ති දසනායක මහත්මිය,නාත්තන්ඩිය ගණකාධිකාරිතුමිය,සම්පත් දායිකා දිනුෂිකා පෙරේරා මහත්මිය සපැමිනි අතර වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා පුත්තලම් දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මෙන්ම නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සමස්ථ නිලධාරී මණ්ඩලය,පුහුණුලාභීන් සියලු දෙනා, නන් අයුරින් සහාය ලබා දුන් සියලු දෙනාටම ස්තුතියි.























